අම්පාර ගොවියාගේ හිතත් පිරේ


2013 යල කන්නයේ වී මේ‍ට්‍රික් ටොන් 20000 (කිලෝ ලක්ෂ 200ක්) මිල දි ගන්නා  බව වී අලෙවී මණ්ඩලයේ අම්පාර  කාලපයේ ප‍්‍රාදේශිය කළමණකරු ආර්. එම්. ඒ.රත්නායක මහතා කියයි. පෞද්ගලික වෙළෙන්දෝ වී මිලට ගනිති.
ගොවියකුගෙන් වී කිලෝ 5000ක් මිලදි ගන්නා අතර නාඩු වී කිලෝවක් රුපියල් 32කට හා සම්බා කිලෝවකට රුපියල් 35ක් ගෙවන බව ද ඔහු සඳහන් කරයි.
පසුගිය වසරේදි යල කන්නයෙදි අම්පාර දිස්ත‍්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 7800 මිලට ගත්තේය.