අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා  මහතා ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා අතුකෝරල මහතාට ගෞරවාචාර පුද කෙරිණි.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව අනුව මේ නිහඬතාවය පළ කළේය.