අභයගිරියේ ඉවත් කළ අනවසර ඉදිකිරීම් යළි හදයි


(උපුල් හේරත්)

ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකිරීමට සූදානම් වෙද්දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම ස්ථානයේ ඉදිකර තිබූ වෙළෙඳසල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,පොලිසිය, හා විහාරස්ථානයේ නියෝගයන්ට අනුව ඉවත් කර තිබුණි.

නැවතත් එම අනවසර ඉදිරකිරීම් කරද්දී කලාප බාර පුරාවිද්‍යා නිලධාරිනි එම්.ඩී වසන්ති දිසානායක මහත්මිය  සමඟ දැඩි ආවේගශීලී වචන හුවමාරුවක් ද සිදු විණි.

එහිදී උද්ඝෝෂණකරුවන් කියා සිටියේ,අපි මෙම වෙළඳසල් ඉදිකිරීමෙන් නතර කරනවා ඔබතුමියට පුළුවන් නං අපිට මේ දවස් දෙක කන්න - බොන්න දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.