
(ෂේන් සෙනෙවිරත්න)
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .
පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි .
රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින් යුක්තය . මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් මිලියන 15 ක් වන අතර දේශීය අවශ්‍යතාවය එම කර්මාන්තශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ .
දැනට මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්තශාලාව සඳහා යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට කළමනාකාරිත්ව සැලසුම් කොට තිබේ .



