අපුර ‘වැසිකිළි ගුරා' රිමාන්ඩ්


අනුරාධපුරයේ  ටියුෂන් ගුරුවරයකු බව කියන කාලිංග නිලන්ත (උලාන්) ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි  අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

ඔහුගේ උපකාරක පන්තියේ වැසිකිළියට යන දැරියන්ගේ වීඩීයෝ ඡායාරූප එහි  සවිකළ කැමරාවකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් නරඹා ඇතැයිද අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු එම චිප් තහඩුව විකා විනාශ කැර ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.

මොහු ගුරුවරයකු බවට හෝ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වු බව පොලීසීය  අධිකරණය හමුවේ කියා සිටියේය.