අනුරාධපුර මුදිතා මාවතේ බලපත් නොමැතිව සමාජ ශාලාවක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවෝ අට දෙනෙක් සහ කලමනාකරු ඇතුළු පිරිමි දෙදෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂය බැගීන් ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
පිරිමින් දෙදෙනාට රුපියල් දස දහසක මුදල් ඇප ද නියම විය.
බලපත්‍ර නොමැතිව සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව පොලිසිය වැටලීම කළේය.

