අපුර සතියක්ම ගංවතුර


වරින්වර ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සමග අනුරාධපුර පූජා භූමියේ පහත් බිම් රැසක් අද  දිනටත් ගං වතුරෙන්  යට වී තිබිණි.

මල්වතුඔය පිටාර ගැනීමෙන් මේ තත්ත්වය උදා විය.

ශ්‍රී මහා බෝධි මාවතේ රුවන්වැලි සෑ දෙසට ඇති මාර්ගය ද බණ්ඩාරනායක මාවත ඔස්සේ ඉසුරුමුණිය, තන්තිරිමලේ, සදහිරු සෑය, මිරිසවැටියට යන මාර්ගය ද යාපනය හන්දියේ සිට ජේතවනාරාමය, ථූපාරාමය, ගල්පාලම දෙසට යන මාර්ග වල ගං වතුර පවතී.

අද (25 ) දහවල් වන විටත් කුට්ටම්පොකුණ ජලය පිරී උතුරා යමින් තිබිණි. සමාධි පිළිමය හා අභයගිරියට යන මාර්ගය ජලයෙන් යටවී ඇත.

____-__-____-______ _____-__-____________ ___-____-___-_________-__-______ ______-____-___-_____-_____-______ ___________-__-__________-__-______ ______-____-___-__________-___-______-___ ______-______-___________-___-_______-___-_____