අපුර වෛද්‍යවරු වැඩ වරති
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු අද උදේ වරුවේ වැඩ වරූහ. දොස්තර නිල නිවසක විදුලි බිල නොගෙවීම නිසා විදුලිය කපා දැමීම ඊට හේතුවයි. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු පැවැසුයේ රුපියල් තිස්දාහක හිඟ මුදල ගෙවීමට විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් පසුව වර්ජනය නතර කළ බවයි. වර්ජනය නිසා බාහිර අංශයේ ලෙඩ්ඩු ආපසු හැරී ගියහ. සෙසු කටයුතු අවුල් විය.

