භාතිය සන්තුෂ් ගේ ගී නිර්මාණවලින් රැප් ගායනයෙන් දායක වන ඔහු රන්දීර් විතානය. වර්තමාන සංගීතය ගැන ඔහු දැක්වුයේ මෙවන් අදහසකි.
කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් බිහිවෙනවා. මීට කාලෙකට කලින් ගීතයක් ගීතයක් ගානෙ රැප් වර්ස් එකක් තිබුණා. එයට අකමැති අයත් හිටියා. චෝදනා තිබුණා. කුමන හෝ ට්‍රේන්ට් එකක් හරි ගියා නම් ඒ සඳහා බොහෝ පිරිසක් එකතු වෙනවා. ඒකකාරී බවක් නැතිවෙනවා. ට්‍රේන්ඩ් එකක් ඇති වෙලා ඒ ට්‍රේන්ඩ් එක කාලෙකින් නැතිවෙනවා. අපිත් එක්ක හැමදාම ළඟින් හිටිය රසික පිරිසක් ඉන්නවා. අපිත් ට්‍රෙන්ඩ් එකක් ආවාම අපේ අනන්‍යතා එක්ක ඒ තැනට යන ලංකාවේ මාස් ටාගට් එකට ඉලක්ක කරන්නේ. පද රචනයට වඩා මියුසික් පැත්ත තමයි ලංකාවට ගෙන ආවේ.
ලංකාවේ සංගීත භාණ්ඩ එහෙම භාවිත කරලා ලාංකීය අනන්‍යතාවයක් ගේන්න තමයි අපි මහන්සි වුණේ. අපි ගෙනාපුදේ හරි ගියා කියලා මම හිතනවා. අද සමහර ආටිස්ලා ඉන්නවා ඒ අය අතරත් ප්‍රශ්න තියෙනවා. හින්දුස්තානි අපටත් එවැනි ප්‍රශ්න ඇති. මේක එක්තරා මියුසික් ස්ටයිල් එකකට සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. මීඩියා කරන්නේ රසවත් ස්ටෝරි එක ප්‍රචාරය කිරීම. ඒ පුද්ගලයා ගැනයි මියුසික් ස්ටයිල් එක ගැනයි අදහස් ඇති වෙනවා. මම කියන්නෙ සිංහල හිපොප් කියනදේ හරිමගට යන්නේ දැන් තමයි. ඒකේ වරදක් මම දකින්නේ නෑ.
සෙල්ෆි රැප්කැම්පේන් එක එහෙම බැලුවම ලංකාව තුළ හිපොප් ටැලන්ට් එක තියෙන කෙල්ලො කොල්ලො ඉන්නවා. අපි කවුද කියන එකනෙ සංස්කෘතිය කියන්නේ. ඒක වෙනස් වෙනවා. දැන් තියෙන ලංකාව ගැන කතා කළොත් තනියම ජීවත් වෙන්න බෑ. අපි ඒකට හැඩගැහෙන්න ඕන. හිපොප් ගැන හොයලා බැලුවම දැන ගන්න ලැබෙනවා. මෙහි ආරම්භය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ දුප්පත් කළු ජාතිකයන්ට තමන්ගේ දුක අඩුකර ගන්න හදාගත්ත සංගීත ශෛලයක්. දැන් හිපොප්වල තේමා ලැබුවම ඉන් අපි ඈතට ගිහින් තියෙන්නේ. මම කියන්නේ එය අපේ සාමාන්‍ය ජීවිතයට අදාළ කරගන්න ඕන. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ ටේස්ට් එක වෙනස්. මානසිකත්වය වෙනස්. ඒක දැනගෙන අපි හිපොප් කියන ආර්ට් එක ගේන්න ඕන.



