අපරාධ රැල්ල වැඩියි. හැදියාව අඩුයි
ලංකාවේ අපරාධ රැල්ලක් ඇති බවත් කහවත්තේ අද්භූත ඝාතන සිදුවන බවත් හැදියාව වේගයෙන් නැතිවී යන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අත්තනගල්ලේදී පැවැසුවාය.
අනුර බණ්ඩාරනායක පදනමෙන් සිවුවැනි වසරටත් ගම්පහ දිසාවේ දක්ෂ සිසුන් 12 දෙනකුට රුපියල් 24000 බැගින් ශිෂ්‍යත්ව පිරිනමමින් ඇය කීවේ සිංහල මෙන්ම ඉංගිරිසිද ඇවැසි බවයි.
හරියට ඉංගිරිසි ලියුමක් ලියාගන්නට හැකි කිසිවකුත් මගේ කාර්ය මණ්ඩලයේ හිටියේ නැහැ ඕ කීවාය.

