අපරාධ 250ක් අල්ලා ග්‍රේරෝ උපහාර ලබයි


ජීවත්ව සිටියදීම පොලිස් නිල සුනඛයකු ලබන ප්‍රථම උපහාරය නිල සුනඛ ග්‍රේරෝ හිමි විය.

මිනීමැරුම් 12ක් ඇතුළු අපරාධ 500ක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී  අපරාධ 250ක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල් වූ ග්‍රේරෝ පානදුරේ දී අද උපහාර ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර මහතා අතිනි.

ග්‍රේරෝගේ හිස පිරිමැදීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා උපහාරය ග්‍රේරෝ මෙහෙයවන පොලිස් කොස්තාපල් ඉරෝෂන් දුමින්දට භාර දුන්නේය. 

DSC_0111 DSC_0119