අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති?
ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, රාජිත සේනාරත්න, වීමල් වීරවංශ, ඩිලාන් පෙරේරා සහ නියෝමාල් පෙරේරා මහත්වරු එම කමිටුවේ සන්ධාන සෙසු සාමාජිකයෝ වෙති.
මේ අතර එක්සත් ජතාතික පක්ෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජෝන් අමරතුංග මහත්වරු දෝෂාභියෝග යෝජනා කමිටුවට පත් කරනු ඇතැයි වාර්තා වන අතර ජනතා විමුක්ති පෙරමුනේ තීරණය ගැන මෙතෙක් වාර්තා වී නැත.
මෙම කමිටුවේ මුලු සාමාජික ගණන 11ක් වන අතර ඉන් 7ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් ය.

