අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ


(රංජන් කස්තුරි)

ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවන් අද (01) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි.

ජාතික ජනබල ව්‍යාපාරය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන හෙයින් එම පක්ෂයට ජනාධිපතිවරණයේදී තරග කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගන්නා ලංඡනයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.

මේ අතර සමන්සිරි හේරත් විජිත කුමාර කීර්ති රත්න සහ අනුරුද්ධ පොල්ගම්පල යන මහත්වරුන් ද ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා අද මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබිණි.