අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන පොදු දේපලවලට හානි කළැයි ඔහු ඇතුළු පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.
සෙසු පිරිස මීට පෙර ඇප මත මුදා හැරිණි

