(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට වහාම ඉල්ලාඅස්වන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය අද (8) පැවැත්වූ විරෝධතා පෙළපාළියට කොළඹ කොටුව ලංකා බැංකු මාවතේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරුවා හැරීය.
කැලණිය විශ්වවිද්‍යාලය අසළින් අද පස්වරුවේ ආරම්භ වී කොළඹට ළගාවූ විරෝධතා පෙළපාළියට ඇතුල්විය නොහැකි ලෙස ලංකා බැංකු මාර්ගය අවහිකරමින් දමා තිබූ මාර්ග බාඳක බිදගෙන සිසුහූ එම මාවතේ ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් වලක්වාගමින් පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරුවාහැරීමට කටයුතු කළේය.
(ඡායාරූප: හිමත් මතීෂ)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)