(තරිදු ජයවර්ධන)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (4) පවත්වන පාගමන මහජන පිඩාවක් ඇති නොවන පරිදි සාමකාමිව පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අධිකරණය එසේ නියෝග කළේ මෙම පෙළපාලිය නිසා මහජන පිඩාවක් ඇති වන බවත් කඩ සාප්පු වලට මගින් යාම අවහිර වන බවට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමිනි.
වෛද්‍ය පිඨ ශෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් වන සනත් බණ්ඩාර, විශ්ව ධනංජය ඇතුළු නවයකට එරෙහි ව පොලිසිය මෙම ඉල්ලීම කර තිබිණි.

