වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තර්ජනවලට පිළියම් සෙවීමට ලෝකය අසමත් වුවහොත් “ඩිජිටල් ලෝකය තුළ අයහපත් තත්ත්වයක්” නිර්මාණය වනු ඇතැයි ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟවීය.
ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම එසේත් නැතිනම් දුස් තොරතුරු සහ ඩිජිටල් ලෝකය විශේෂයෙන්ම අන්තර්ජාලය , සමාජ මාධ්‍ය තුළ එහි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හානි වීම සහ පෞද්ගලිකත්වය නිරාවරණය වීම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.
ලෝක ව්‍යාප්ත ජාලයේ හෙවත් වර්ල්ඞ් වයිඞ් වෙබ් (ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්) නිර්මාතෘ වන ටිම් බර්නර්ස් ලී බි්‍රතාන්‍යයේ පරිගණක විද්‍යාඥයෙකි. හෙතෙම 1989 වසරේදී “තොරතුරු කළමනාකරණය පද්ධතියක්” සඳහා ඔහුගේ පළමු යෝජනාව ඉදිරිපත් කළේය.
ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කිරීම සඳහා නව ගිවිසුමක් ඇති කරගත් යුතු බවත් රටවල්, ආණ්ඩු, සමාගම් සහ තනි තනි පුද්ගලයන් කඩිනමින් පියවර ගත යුතු බවත් ඒ වෙනුවෙන් ප්‍රධාන මූලධර්ම නවයක් ක්‍රියාත්මක කළ යුතු බවත් බර්නර්ස් ලී නැවත වරක් අවධාරණයෙන් පැවැසීය.
ටිම් බර්නර්ස් ලීගේ ‘ලෝක ව්‍යාප්ත ජාල පදනම’ මෙම නව යෝජනා සකස් කර තිබෙන අතර අන්තර්ජාල තර්ජනවල නැගීම පාලනය කිරීම ඒවායේ ප්‍රමුඛ අරමුණ වී තිබේ.
නොවැම්බර් 25 වැනි සඳුඳා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර සමුළුවක් ද පැවැත්විණි.

ඊට පෙර ටිම් බර්නර්ස් ලී ලෝකය මුහුණ දෙන අවදානම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.
“නිදහස් සහ විවෘත ජාලයක් ( ලෝක ව්‍යාප්ත ජාලයක්) ආරක්ෂා කරගැනීමට අප අසමත් වුවහොත්, අසමානාත්ව පිරි අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන අවදානම් සහගත ඩිජිටල් ලෝකයක් නිර්මාණය වේවි” යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
මේ වසර මුලදී ටිම් බර්නර්ස් ලීගේ පදනම ඔවුන්ගේ වෙබ් අඩවියේ නිවේදනයක් ද නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වා තිබිණි. එහිදි ටිම් බර්නර්ස් ලී මෙසේ අදහස් දක්වා තිබිණි.
“අපේ කාලයේ උච්චතම අවස්ථාව එළැඹ තිබෙනවා. සූරා කෑමට, අයුතු ප්‍රයෝජන ගැනීමට, බෙදීම් හා බෙදා වෙන් කිරීමට සහ පීඩාවට හා ඊට අනතුරු කිරීමට උත්සාහ කරන පිරිස්වලින් ලෝක ව්‍යාප්ත ජාලය බේරා ගත යුතුයි. එවැනි පිරිස්වලට ලෝක ව්‍යාප්ත ජාලය අවභාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි”.
ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කරගැනීම සඳහා ටිම් බර්නර්ස් ලී සහ ඔහුගේ ‘ ලෝක ව්‍යාප්ත ජාල පදනම’ ‘කන්ට්‍රෑක්ට් ෆෝ ද වෙබ්’ යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මේ වනවිට ෆේස්බුක්, මයික්‍රෝසොෆ්ට් සහ ගූගල් යනාදිය ඇතුළු සමාගම් 160 ක සහාය ඊට හිමිව ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව තනි තනි පුද්ගලයන්, ප්‍රංශය, ජර්මනිය සහ ඝානාව යනාදී රටවල් ඇතුළු පාර්ශව රැසක් සමාරම්භක මූලධර්මවලට අත්සන් තබා ඇත.
සෑම අයකුටම අන්තර්ජාලයට ප්‍රවේශවීමට ඇති හැකියාව සුරක්ෂිත කිරීම, ජනතාවගේ අන්තර්ජාල පෞද්ගලිකත්වය සහ දත්ත අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කිරීම, ඒවා ආරක්ෂා කිරීම ඒවාට ගෞරව කිරීම යනාදී යෝජනා ද ටිම් බර්නර්ස් ලීගේ යෝජනාවලට ඇතුළත් වී තිබේ. එමෙන්ම අදාළ සමාගම් මානව හිමිකම්වලට ගෞරව කළ යුතු බවත් ඊට සහයෝගය දිය යුතු බවත් සඳහන්ව ඇත.
තනි පුද්ගල මට්ටමේදී ජනතාව සතුව වගවීමට ඇති බලය සහ ශක්තිමත් අන්තර්ජාල ප්‍රජාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ. එමෙන්ම බැහැර කෙරුණු පාර්ශව ඉලක්ක ගත කරමින් අපවාද නගන විට ඔවුන් ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතු බව ද සාකච්ඡාවට ලක්ව තිබේ.
ලෝක ව්‍යාප්ත ජාලය ආරම්භ කර වසර 30ක් පිරීම නිමිත්තෙන් ටිම් බර්නර්ස් ලී මේ වසර මුලදී විවෘත ලිපියක් ප්‍රකාශයට පත් කළ අතර සමානාත්මතාව, අවස්ථා සහ නිර්මානශීලීත්වය සහිත ලෝක ව්‍යාප්ත ජාලයක් වෙනුවෙන් සටන් කළ යුතු යැයි ලෝකයාගෙන් ඉල්ලා සිටියේය.
සී.එන්.එන්. ඇසුරිනි
055


