අන්තර් සමාජ ක‍්‍රිකට් තරග වියදම කෝටි 10 යි


මෙවර අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියට (2012-2013) රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ. එහිදී අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියට රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් ද, එක්දින තරගාවලියට කෝටි 2 කට අධික මුදලක් ද වෙන්කර තිබේ. ක‍්‍රිකට් ආයතනය මේ වන විට සැළසුම්කර ඇති කණ්ඩායම් 8 කින් යුත් දෙවැනි කොටසේ දෙදින තරගාවලියට කෝටියකට අධික මුදලක් ද, කණ්ඩායම් 56 ක් සහභාගි වීමට නියමිත ‘සරා’ සහ ‘ඩොනවන් ඇනඩි‍්‍ර’ තරගාවලි වෙනුවෙන් රුපියල් කෝටි 3 කට අධික මුදලක් ද වෙන්කර තිබේ.