අනවසරෙන් උතුරු මුහුදේ මසුන් ඇල්ලු 26 ක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

බලපත්‍ර නොමැතිව උතුරු මුහුදට රහසිගතව ඇතුලු වී නීතිවිරෝධීව මහපරිමාණයෙන් මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් 26 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිසට අමතරව ඩිංගි බෝට්ටු 16 ක් මාළු දැල් 233 ක් ජී.පී.එස් යන්ත්‍ර දෙකක් මේ අතර වෙති.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස නාවික හමුදාව විසින් වැඩිදුර නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී ඇත.