අනතුරින් මියගිය දෙන්නා පාගමනේ සංවිධායකවරු


කොළඹ නුවර පාරේ යතුරුපැදි අනතුරෙන් මිය ගිය සරසවි සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් බවද, සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දෙමින් පේරාදෙණියේ සිට කොළඹට එන ශිෂ්‍ය පාගමනේ සංවිධායකයන් බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි. පාගමන අවසන් වීමට දවසක් තිබියදී මේ ඛේදවාචකය සිදුවිය. යතුරුපැදිකරුට නින්ද වාම මේ අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මියගිය සිසුන් දෙදෙනා