(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ආපදා රථයක් එකිනෙක ගැටීමෙන් ජීප් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයිද, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයිද දක්ෂණ අධියේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
ඊයේ(25) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.
මියගිය එක් කාන්තාවක්, පිළියන්දල සිද්ධමුල්ල පදංචි 70 හැවිරිදි තැනැත්තියක බවත්, අනෙක් කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
කරන්දෙණිය ප්‍රදේශයේ මළ ගෙදකට ගොස් නැවත කොළඹට පැමිණෙමින් සිටියදී ආපදා රථයේ ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් ජීප් රථයට බරපතල හානි සිදුව තිබේ.



