දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොලයක් දුන් බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ගුණසේකරට සහ උප පොලිස් පරීක්ෂක දුෂාන් කුමාර බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව දෙසැම්බර 10, 11 සහ 16 විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
2009 මැයි 25 වැනි දා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක සහ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය දා නඩු පැවරීය.
විත්තිකරුවෝ ඇප පිට සිටිති.

