අධිකරණයෙන් ගෝඨාභයගේ ජාතික අනන්‍යතා සහතික ඉල්ලයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
හිටපු ආරක්ෂක ලේකම් හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය   රාජපක්ෂ මහතා සතුව   නීත්‍යානුකූල විදේශ ගමන් බලපතයක් , ජාතික හැදුනුම්පත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු ලබන 02 වැනිදා අධිකරණය  හමුවට  ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට , එහි අමාත්‍යාංශ ලේකම්ට , ආගමන විගමන පාලකවරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට අද ( 30) නියෝග කළේය.
 
අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම අධිකරණ නියෝග පරිදි යළිත් අද (30) පස්වරුවේදී කැඳවූ අවස්ථාවේදීය.
 
 මෙම පෙත්සම ලබන 02, 03 සහ 04 යන දිනවලදී සලකා බැලේ.