නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය.
කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම ප්‍රමාධ වී ඇත්තේ නව ඇමැතිවරුන් දෙදෙනා නම් කර යැවීමට ප්‍රමාධ වීම නිසා බව ද දැනගන්නට ඇත.
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව ආරංචි මාර්ග කියයි.
044

