ශාන්ත රත්නායක
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නීතිය ඉදිරියට පමුණුවාලීම වැළැක්වීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මැදිහත්වූ බව කියමින් පුද්ගලයකු සමාජය මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියෝ අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.
ඥාණසාර හිමියන් අධිකරණ ඇමැතිවරයා හමුවීමට ගිය අවස්ථාවේ තමා ද එම ස්ථානයේ සිටි බව මලික් විජේනායක නම් එම පුද්ගලයා ප්‍රකාශ කරන බව වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ලේ දැක්වේ.
එම පුද්ගලයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, පරීක්ෂණය අනුව ඔහුගේ ප්‍රකාශය සත්‍යනම් ඥාණසාර හිමියන්ට නීතිය ක්‍රියාත්මක නොකළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විජිත හිමියෝ ඉල්ලති.


