අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි



(සිරංගිකා ‌ලොකුකරවිට)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය දැනුම් දෙයි.