අතුරුදන් වූ තරුණියන් තිදෙනා හමුවෙයි


කොළොන්නාවේදී අතුරුදන් වූ තරුණියන් තිදෙනා අද(18) පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාළ තරුණියන්ගෙන් 19 හැවිරිදි වියේ පසුවූ තැනැත්තිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. වයස අවුරුදු 14 හා 15 වයස්වල පසුවන අනෙක් තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර ඔවුන් නිවෙස්වලින් අතුරුදන් වූයේ කෙසේදැයි පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය කියයි.