(සුජිත් හේවාජුලිගේ / ආරියරත්න රණබාහු)
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි පවසයි.
එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපති උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම පනත ඉදිරිපත් කිරීම ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුති පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා කියා සිටියේය. රටට අහිතකර පනත්වලට පක්ෂව ඡන්දය දිය නොහැකි බවත් මන්ත්‍රීකම නැතිවුවත් තමා එසේ නොකරන බවත් ඔහු ලංකාදීපයට පැවසීය.

