(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු සියලු දෙනාගේ අදහස් ලබාගෙන පෝෂණය වන ආණ්ඩුවක් බව කී ජනාධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක ඇති වැදගත්කම යළි යළිත් අවධාරණය කරන බවද පැවසීය.
දැන් අප වැටුණු තැනින් නැවත නැගිටීම අරඹා තිබෙනවා.වගා කටයුතු සඳහා පහුර ගෙන්වමින් තිබෙනවා.ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පාහේ නිම වෙමින් තිබෙනවා.

