අතාවුදගෙ හිටපු ලේකම් යළි රිමාන්ඞ්


ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතාගේ හිටපු මාධ්‍යලේකම් එච්.ඒ. උපාලි ගුණරත්නට එරෙහිව නඩු තුනක පැමිණිලිකරුවන් රුපියල් ලක්‍ෂ පහක් අද ගෙවූ නමුත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඔහු යළි රිමාන්ඞ් කෙළේය. රැකියා දෙන බවට මුදල් වංචා කළැයි ඔහු පොලිසි කිහිපයකටම අවශ්‍ය පුද්ගලයකු බව උසාවි වාර්තා කියයි. කොළඹ තවත් නඩුවක්ද ඇත. බදුල්ල හා රත්නපුර පොලිසි අද කොටුව උසාවියට දැන්වූයේ ඔහුට එරෙහි මුදල් වංචා නඩු ඇති බවයි. පොලිසියට ද ඔහු  ඕනෑ කැර තිබේ. ලබන 25 වැනිදා තෙක් ඔහු රිමාන්ඞ් කැරිණි.