අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප


(ඉන්දිකා රාමනායක)

සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (24) කොළඹ දී පැවැති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 83 අද (25) ඇප මත මුදා හැර ඇත.

මින් 80 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබු අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර ඇතුලු තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මුදා හැරීමට නියම විය.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර , හිමිනමක් හා කාන්තාවක් ඇතුලු තිදෙනෙකු අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා ඩයස් මහත්මිය නියෝග කළාය.

ඔවුන් තිදෙනා වෙනුවෙන් නීතිඥවරුන් රැසක් අධිකරණය වෙත ඉදිරිපත් වී සිටයහ.