අත කොටා යළි රිමාන්ඩ්


දැරණියගල නූරිය වතුයායේ වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඒ මහතාගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ සැකකරුවන් දෙදෙනෙකු රටින් පිටවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩි.එච්.අනුෂ්ක සෙනෙවිරත්න මහතා ඔවුන් රටින් පිටවීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට අද (02) නියෝග කළේය.

අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා ඇතුළු  සැකකරුවෝ 21 දෙනා මහෙස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබුහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇති ටී.ඩබ්ලියු. දිනේෂ් චතුරංග නොහොත් පැතුම්   හා තරිදු ධනංජය හෙවත් ලොකු සුදු යන සැකකරුවන් තැන්න් තැනට පලා යමින් සැගවී සිටින බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුවන් 21 දෙනා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.