අඩු ආදායම් සිසුන්ට අමතර නිල ඇඳුම් හා සපත්තු
වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද, ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනපති අයවැයෙන් යෝජනා කරයි.
ජාතික සංවිධානයේ කේන්ද්‍රස්ථානය බවට ගමේ පංසල, පල්ලිය හා කෝවිල පත් කරන බවත්, විදේශ ආදායම වැඩි වර්ධනය කර රජයේ ණය සීමාව පහත හෙලීමට ද ලබන වසරේ ආර්ථික සංවර්ධනය 8% දක්වා වැඩි කිරීමට ද අදහස් කරන බව ජනපති කීවේය.

