අගවිනිසුරුට දෝෂාභියෝගයක් එතියි සජිත් කියයි
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට රජය සූදානම් වෙතියි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දඹදෙනියේ නාරම්මල කිවුලේගෙදර විජයරාජ විහාරයේදී පැවැසීය.
‘මේ වන විට අහුමුලුවල අත්සන් ගනිමින් එතුමියට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරනවා. අධිකරණය විනාශ කිරීමට ගන්නා උත්සාහය විපක්ෂයේ අපි පාරට බැහැලා පරාජය කරනවා.‘

