අගවිනිසුරු වෙනුවෙන් නීතිඥ සමාගම ලිපියක් එවයි
තම සේවාදායිකාව වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇයට එරෙහි චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව නිලකන්දන් සහ නිලකන්දන් නීතිඥ සමාගම ”ලංකාදීප”යට ලිපියක් එවමින් දන්වා සිටී.
තමා පෙර පරිදිම තම රාජකාරි බියක් හෝ පක්ෂභජනයක් නොමැතිව යථා පරිදි ඉටුකරන බව ප‍්‍රකාශ කරන ලෙස අපගේ සේවාදායිකව අප වෙත උපදෙස්දී ඇතැයිද ඇය එය ස්වාධීනව අපක්ෂපාතිව සහ නිර්භයව නීතියට අනුකූලව ඉටුකරනු ඇතැයිද එම ලිපියේ සඳහන්වේ.

