අගවිනිසුරු කමිටුව ඉදිරියේ
දෝෂාභියෝග යෝජනාවට මුහුණදීම සඳහා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද පෙරවරු 10.10ට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට පැමිණියාය. ඇගේ නීතීඥවරු ද ඇය සමග පැමිණියහ.
මාධ්‍යවේදීන් කිසිවකුටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ නතර වී සිටීමට අවසර නොලැබිණි.
දියවන්නා ඔයේ පිවිසුම් මගේ මෙපිට මහ පාරේ ඔවුහු පිරිසක් සිටියහ.
අනුර ප්‍රියදර්ශන යාපා ඇමැති ඇතුළු මන්ත්‍රීහු එකොළොස් දෙනෙක් එම කමිටුවට අයත් වෙති.

