අගමැතිට බලතල දෙනවාට චම්පික විරුද්ධයි


‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රමුඛ එක්සත් ජතික පක්ෂයේ  කීප දෙනකු  උත්සාහ කරන්නේ  ජනතාවගේ කැමැත්තෙන්  පත්වු විධායක ජනාධිපතිවරයා  නිකම්   පඹයකු කර  ඒකාධිපති විධායක අගමැතිවරයකු බිහිකැර ගැනීමටයි.ඒවාට අපි බය නෑ ,රනිල් මහත්තයා එයාගේ පක්ෂයට කළෙත් ඔය දේමයි. අපි මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න කොහොමත් ඉඩ දෙන්නේ නෑ.‘යි විදුලිබල හා බල ශක්ති  ඇමැති පාඨලී  චම්පික රණවක මහතා අද(6) පැවසීය.

බත්තරමුල්ලේ  ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.