ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අතුළු මා සංඝරත්නයට අපහාස කළැයි ද හෙරොයින් මත් කුඩු කන්ටේනරයක් මුදා ගැනීමට ලිපියක් දුන්නැයි කියන සිද්ධීයක් මත ඉල්ලා අස්වන්නැයි අගමැති දි මු ජයරත්නට බල කරමින් අඹිලිපිටිය නගරයේ දැන් උද්ඝෝෂණයක් පැවැත්වේ.
නගර සභාපති වේවැල්දුවේ ඤාණප්‍රභ හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද බෞද්ධ සංගම් හා වෙළෙද සංගම් නියෝජිතයෝද මේ උද්ඝෝෂණයට එක් වුහ. සියලු කඩ සාප්පු වසා ඇත.
ඇඹිලිපිට බස් නැවතුම්පොළෙහි සිට කිලෝමීටරයක් පමණ දක්වා පෙළපාළිය දික් වී තිබේ.සංඝරත්නය චීවර ධාරීන් බවට නිහිනී අපහාසයක් කළෑයි පෙළපාළිකරුවෝ කියති.
නගරයේ බොහෝ තැන්වල කළු කොඩි ඔසවා ඇති අතර පොලීසිය ඒවා ඉවත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.