(නාලක සංජීව දහනායක)
අග‍්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (3) පෙරවරුවේදී විවෘත කරනු ලැබීය.
කොළඹ, 03 කොල්ලූපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ, අංක 101 දරණ ස්ථානයේ (අරලියගහ මන්දිරය අසල) මෙය පිහිටුවා ඇති අතර ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ගැටලූ සම්බන්දයෙන් මෙම ස්ථානයට පැමිණිලි කිරීමට හැකියාව ඇත.
එහිදී අගමැතිවරයා පවසා සිටියේ තමන්ගේ ප‍්‍රශ්න සම්බන්දයෙන් ඕනෑම කෙනෙකුට මහජන සම්බන්දතා ඒකකයට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවය.
එම ලිපි සියල්ලම අමාත්‍යංශවලට හා අදාල ආයතනවලට යොමුකරන බවත් එම ගැටලූවලට විසදුම් ලැබෙන්නේද යන්න වෙනමම සොයා බලන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
(ඡයාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )




