අගමැති කාර්යාලයේ බඩු සොරාගත් අයෙක් මාට්ටු


(ඉන්දිකා  රාමනායක)

අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු එහි දේපළවලට පහරදී පහරදී අලාභානි සිදු කර දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු  වූ 33 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.