අගමැති ඕස්ට්‍රේලියා විදෙස් ඇමැති හමුවක්


(ශාන්ත රත්නායක)

දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි  ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය අද (20)අරලියගහ මන්දිරයේ දී  අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

මෙරට රැඳී සිටින කාලයේ ජූලි බිෂොප් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය හා ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.