අකුරැස්ස හිටපු සභාපති රිට් ආඥාවක් පතයි
සිය පක්ෂ සාමාජිකත්වයෙන් හා ප්‍රාදේශීය සභාපති ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ගොනු කළ රිට් පෙත්සම ලබන මස 4 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කෙළේය. ලාබාල දැරියක කෙළෙසී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඉවත් කැර ඇත.

