අකුරණ පාරක් නාය යයි
අකුරණ බුළුකොහොතැන්න ප්‍රධාන මාර්ගයේ අඩි 50 ක පමණ කොටසක් අද අලුයම නායයෑම නිසා එම මාර්ගය වසා දැමූ බව අලවතුගොඩ පොලිසිය කියයි.
මාර්ගයේ විශාල පස් කන්දක් ගසක්ද සමඟ නිවසක් මතට වැටීම නිසා එම නිවසටද හානි සිදුව තිබේ .
රුපියල් කෝටි දෙකහමාරක් වැය කර කාපට් කර මාස තුනක්වත් යන්නට මත්තෙන් මෙම මාර්ගය නාය ගොස් තිබේ.

