නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ 4 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පෞරාණික වටිනාකමකින් යුත් අකුණු සන්නායක තඹ තහඩු 4 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අකුණු සන්නායක තඹ තහඩු අලෙවි කිරීම සඳහා ටිපර් රථයක් මගින් රැගෙන යමින් සිටියදී දොඩංගොඩ සහ නෑබොඩ අතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් අකුණු සන්නායක වල වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන බව පැවසේ.
සැකකරුවන් සමග රථය සහ අකුණු සන්නායක තහඩු ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

