(ඉන්දිකා රාමනායක)
‘අංගොඩ ලොක්කා’ නැමැති පාතාල සාමාජියයාගේ ගෝලයෙක් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායමක් මගින් අද (24) මුල්ලේරියාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා හෙරොයින් තොගයක් හා කේරල ගංජා කිලෝ එකක් සොයා ගෙන ඇත.
සැකකරු මෙම මත්කුඩු වෙනත් පාර්ශවයට ලබා දීම සදහා රැගෙනවිත් තිබියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ හෙරොයින් කිරණ කුඩා විද්‍යුත් තරාදියක් ද සැකකරුගේ සාක්කුවේ තිබී සොයා ගෙන තිබේ.
සමීර ඉන්ද්‍රජිත් හෙවත් ‘සුද්දා’ යන නමින් හඳුන්වන සැකකරුට මනුෂ්‍ය ඝාතන චෝදනාවක් ද තිබී ඇත.

