අ'පුර නගර සභාව පස්ස ගහයි
වරිපනම් නොගෙවීයැයි අනුරාධපුර නගරයේ කිහිප දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩු විභාග කරද්දී පැමිණිලිකාර අනුරාධපුර නගර සභාව වෙනුවෙන් කිසිවකු උසාවි නොපැමිණීමට හේතු දක්වන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාසට නොතීසි නිකුත් කළේය.
අනුරාධපුර නගර සභාව නඩු කිහිපයක් ගොනු කර තිබුණ ද නඩු කැඳවද්දී පැමණිල්ල වෙනුවෙන් කිසිවකු පෙනී සිටියේ නැත.

