ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරග කොන්දේසි වෙනස් කරමින් අවසන් පූර්ව තරග දෙකක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කරමින් සිටින බවට ක‍්‍රීඩා සමාජ චෝදනා කරති.
එස්. එල්. පී. එල්. තරගාවලියට කල්වේලා ලබාගැනීම සඳහා ලීග් තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට ක‍්‍රීඩා කළ යුතු යයි පළමුව තීරණය කර තිබිණ. අවසන් මහ තරගය ද එස්. එල්. පී. එල්. තරගාවලියෙන් පසුව පැවැත්වීමට සැළසුම්කර තිබුණි.
කෙසේ වෙතත් කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක ප‍්‍රධානියකුගේ මැදිහත්වීමෙන් අවසන් පූර්ව තරග දෙකක් පැවැත්වීමට අනුමැතිය ලබාගෙන ඇති බවද වාර්තා වේ. එම ප‍්‍රධානියාට සම්බන්ධ කණ්ඩායම තරග දින වෙනස් කරමින් තරග පවත්වන බවට ද චෝදනා එල්ල වේ.
මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ තරගාවලි කමිටුවෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර තිබුණත්, තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
‘‘තරගාවලියක් අතරතුරදී නීති වෙනස් කරන්න බෑ. ඒ නිසා මේ දක්වා එවැනි වෙනසක් කර නෑ’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ වැඩිදුර තොරතුරු සඳහා
කෙළිමඬල වෙත පිවිසෙන්න

