වත්මන් ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ මුල් නිර්මාණය වන ‘නමෝ නමෝ මාතා’ ගීතයේ දමිළ පරිවර්තන ගීතය 1949 කොළඹ ටොරින්ටන් චත්‍රරශ්‍රයේ පැවැති දෙවැනි නිදහස් උත්සවයේදී ගායනා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘ආනන්ද සමරකෝන් අධ්‍යයනය’ කෘතිය සඳහන් කරයි.
ආනන්ද සමරකෝන් මහතා රචනා කරන ලද ‘නමෝ නමෝ මාතා’ ගීතය ජාතික ගීය වශයෙන් ගායනා කර ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ සිසුවියන් පිරිසකි. එම සිසුවියන් පිරිස පුහුණ කරනු ලැබ ඇත්තේ මර්සලින් ජයකොඩි පියතුමන් විසිනි.
‘නමෝ නමෝ මාතා’ ගීතයේ දමිළ පරිවර්තනය කර ඇත්තේ පණ්ඩිත් එම්. නල්ලතම්බිය.
ජාතික ගීය සිංහල සහ දමිළ භාෂාවලින් ගායනා කළ බව එවකට පැවැති පුවත්පත් මෙන්ම ලංකා රජයේ මුද්‍රායතනය ද එය වාර්තා කර ඇතැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සිය කෘතියේ සඳහන් කර ඇත.
එවකට පටන් ජාතික ගීය සිංහල සහ දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ගායනා කළ බව සඳහන් කරන මහැදුරු සුනිල් ආරියරත්න මහතා ඒ සඳහා ඓතිහාසික සාක්ෂිද තම කෘතිය ඔස්සේ සපයයි. එමෙන්ම රජය මුද්‍රණය කරන පෙළපොත්වලට දමිළ ජාතික ගීය ඇතුළත් වූ බවත් එම සම්ප්‍රදාය ස්වභාවික මරණයට පත්වීම කනගාටුවට කරුණක් බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ සඳහන් කරති.

