162 සැප බස් වර්ජනයක


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නීති දෙකක් ක්‍රියාත්මක කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා  දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පවසමින් මාර්ග අංක 162 බණ්ඩාරගම කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ  ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වූහ.

මේ හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත් වූහ.

බණ්ඩාරගම පැරණි බස් නැවතුම්පොලේ බස්රථ ගාල්කර විරෝධතා පුවරු බස් රථවල ප්‍රදර්ශනය කරමින් ඔහුන් වර්ජනයේ යෙදුණහ

ධාවන බලපත්‍ර ලබාදී තිබෙන බස්රථ 27 න් 8 ක් පමණක් කොරෝනා වසංගතයේන් පසු බණ්ඩාරගම කොළඹ මාර්ගයේ ධාවනය විමත් අනෙකුත් බස්රථ ඇඟලුම් කර්මාන්ත ශාලා සහ වෙනත් ආයතනවල ධාවනයේ යෙදීමට ඉඩ සලසා දෙමින් කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ඒකපාර්ශ්විකව ලෙස කටයුතු කරන බව ඔවුන් චෝදනා කළහ

ඇතැම් බස් රථ හිමිකරුවන් සමඟ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය අසාධාරණ කාලසටහනක් යොදා බස්රථ අටකට සීමා කර ඇතැයි ඔහු චෝදනා කරති