16 න් පහළ රග්බි කුසලානය ශාන්ත පීතර විදුහලට
බස්නාහිර පළාත් වයස 16න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේදී කුසලාන ශූරතාව දිනාගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය. අවසාන තරගයේදී බම්බලපිටිය මහානාම විදුහල ලකුණු 3-0 කින් පරදවා ජය ලැබීමට ශාන්ත පීතර කී‍්‍රඩකයෝ සමත් වූහ.
අවසන් තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතාවය
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් මහානාම විදුහල පරදවා ජය ලැබීය. (3-0)
පළග ශූරතාවය
වෙස්ලි විදුහල විසින් කොළඹ ලූම්බිණි විදුහල පරදවා ජය ලැබීය. (15-0)
බඳුන ශූරතාවය
ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විදුහල විසින් කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල පරදවා කින් ජය ලැබීය. (15-3)
පළිහ ශූරතාවය
දෙහිවල එස්. ද .එස් ජයසිංහ විදුහල විසින් මරදාන සහිරා විද්‍යාලය පරදවා ජය ලැබීය. (12-0)

